උපන්දා සිට අපි විවිධ ආසාවන් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත්වෙනවා. මේ පොදිවලින් හැම එකක්ම අපිට ඕන විදියට ලැබෙන්නේ නැහැ. අපි ජීවිත අවසන් කරන්නේ ආරම්භ කරපු විදියට නෙමෙයි. නැත්තටම නැති වුණු මිනිස්සු ඒ ඔක්කොම අමතක කරලා ජීවිතය සාර්ථක කරගන්නවා. ජීවිතයට අගයක් එකතු කරගන්නවා. බොහෝ සැප සම්පත් එක්ක ජීවිතය ආරම්භ කරන මිනිස්සු නැත්තටම නැති වෙනවා.
අපි හිතන පතන හැම දේම කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියන සමාජය, අනෙක් අතට දෛවය කියලා දෙයක් තියෙනවා කියනවා. අපේ ගමන කලින්ම තීරණය වෙලා තියෙනවා කියනවා. මෙහෙම අතර මං වුණු ජීවිත කරන අපි, වෛද්‍ය විද්‍යාවෙන් උඩටම ගිය මිනිස්සු කාර් එකේ දෙහි ගෙඩි තුනක් එල්ල ගන්නවා.
මේකයි අපේ ජීවිතය. එදා වේල කන්න නැති මිනිස්සු, ඔය මුකුත් නැතිව, ඒක වේලක් හොයා ගන්න දුක් මහන්සි වෙනවා. ඒ මිනිස්සුන්ගේ එකම අරමුණ, බඩට මොනවාහරි දාගන්න එක. අපේ අම්මලා තාත්තලා බහුතරයකුත් ඊට වෙනස් වෙන්නේ නැහැ. අපේ බහුතරයක්. උපදිනවා, ඉගෙන ගන්නවා, රස්සාවක් කරනවා, දරුවෝ හදනවා, ඔය සාම්ප්‍රදායික දේවල් ටික කරලා මැරිලා යනවා.
මේ අපි හැමෝගෙම ජීවිතවල ආස කරන එක දෙයක් හරි තියෙනවා. එක් නොබෙල් තෑග්ගක් දිනා ගන්න එක වෙන්න පුළුවන්. කැලේකට වෙලා සත්තුන්ගේ ඡායාරූප ගන්න එක වෙන්න පුළුවන්. ඔය විදියේ මොකක්හරි වෙන්න පුළුවන්. පත්තර රස්සාවේදී මම අත්දැකපු දෙයක් තමා හැම තිස්සේම මම ආස දේවල් ලියන්න ලැබෙන්නේ නැහැ. ඒත් වෘත්තියක් විදියට නියැලෙන නිසා, එවැනි දේවල් කරන්න වෙනවා
.
මම දන්න ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා, ඔහු කැමැති වෙනත් ආකාරයක ඡායාරූප ගන්න, එහෙත් ඔහු යොදවලා තියෙන්නේ ක්‍රීඩා ඉසව් ආවරණය කරන්න. බොහෝ අවස්ථාවලදී කුමක් හෝ බාධාවක් අපි ඉදිරියට පැමිණෙනවා.
අපේ ජීවිතවල අපි කරන රස්සවා, අපි ආස දේ නොවෙන්න පුළුවන්. ඒත් අපි ආස දේ කරන්න වෙලාව හොයාගන්න ගමන්, අපේ වෘත්තීය ජීවිත සාර්ථක කරගන්නත් අපිට හැකියාව ලැබේවි.
හර්ෂණ තුෂාර සිල්වා
2016.04.08
No comments:
Post a Comment