පුංචි කාලේ අපි අලුත් අවුරුද්ද කියන්නේ රජ මඟුලක්. ගෙවල්වලට කෑම බෙදන්න යන, නැදෑ ගෙවල්වලින්, නැන්දලා මාමාලාගෙන්, සල්ලි තෑගි, ඇඳුම් ඔහොම දේවල් ලැබෙනකොට තියෙන සතුට නිම කරන්න බැහැ. මට මතකයි, අවුරුද්දට කලින්, මායි චූටි අයියයි, මේසයක් යට හැංගිලා අවුරුද්ද හදපු කැවුම් මුට්ටියක් ඉවර කළා. අවුරුද්ද ආච්චි හදපු අලුවා කන එක තමා මම ආසම දේ. මේ විදියට කාලයත් අපි තරුණයෝ වෙද්දි අපි පොඩි කාලේ තිබුණු සමහර දේවල් අද අපේ නංගිලා මල්ලිලාට නැහැ. ඒක අතකට දුකක්. ඔවුන්ටත් ඒ දේවල් අත්දකින්න තිබුණා නම්, හොඳයි. අපි කරපු දේවල් අද පොඩි උන් කරන්නේ නෑ වගේම, අපේ අම්මලා තාත්තාලාගේ පරම්පරාවට, ඒ වගේම අපේ වැඩිමල් සහෝදර පරම්පරාව කරපු දේවල් අපි කළේ නැහැ. ලෝකේ හැටි එහෙමයි. හැබැයි මිනිස්සු විදියට, ජීව විද්‍යාත්මක ඒ ඒ කාලවලදී දැනෙන දේවල් වෙනස්.
අද මට අවුරුද්ද කියන්නේ ඒ තරම් ම දෙයක් නෙමෙයි. ඒත් අපේ අම්මලාට ඒ අවුරුද්ද තාමත් සුවිශේෂී දෙයක්. අවුරුද්දට කරන බොහෝ දේවල්වලට සංස්කෘතිය විදියට වගේම විද්‍යාත්මක හේතූ කාරණාත් තියෙනවා. එක් උදාහරණයක් ගන්නම්. අපේ නොනගත කාලය, බලන්න. මේ නොනගත කාලය, එක අතකින් කතෝලික ආගමේ, චතාරික සමයටත්, මුස්ලිමේ ආගමේ, උපවාස කාලයත් ටිකක් සමානයි කියලා මම විශ්වාස කරනවා. ආගමක් ඇදහීම හෝ ජාතියක් ගැන කතා කිරීම ඕනෑම පුද්ගලයකුගේ අයිතියක්. ඒ ඇදහිලි විශ්වාස මත කටයුතු කිරීම ඔවුන් සතු දෙයක් . එහෙත් අය අන් අයගේ අන් ආගම්වල, ජීවිතවලට තර්ජනයක් බාධාවක් නොවිය යුතුයි. ආගම්වල ගත යුතු දෑ සහ නොගත යුතු දෑ බොහෝමයක් තියෙනවා වගේම, විද්‍යාත්මකව බොරු කියලා ඔප්පු කරපු බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම අද ඒ කාලේ ශාස්තෘරුන් කියූ බොහෝ කරුණු වෙනස්වෙලා. අද ආගම් බොහෝමයක්, ඉන්න ප්‍රධාන පිරිස් තමන්ගේ පැවැත්වම උදෙසා වෙනස් කරගෙන. මෙය කාලයක් තිස්සේ සිදුවුණු දෙයක්.
අපි නොනගත කාලය ගැන කතා කරපු. මේ නොනගත කාලය, සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නැකත් නැති කාලයක් කියලා. මේ කාලයේදී ආගමික කටයුතුවල නිරත වෙන්න කියලා, තමා බොහෝ පිරිස් කියන්නේ. මේ කාලය තුළ කිසිදු වැඩක් නොකර, ආහාර පාන නොගෙන සිටිය යුතුයි යන අදහස තමයි කාලයක් තිස්සේ පැවැත එන්නේ. ඒත් අපි දේ කරනවා ද? මේ කාලයේදී සිත එක්තැන් කරගන්න, එක ප්‍රතිපත්තියක් රැකීම යැයි හඳුන්වාදෙන්න පුළුවන්. කතෝලිකයෝ චතාරික සමය හරියට පිළිපදිනවා ද ? මුස්ලිම් ආගමිකයෝ හරියට උපවාසයේ යෙදෙනෙවා ද ? මේ වා හරිම අර්බුදකාරියි. මේ තුනේම මම දකින පොදු ලක්ෂණය, එක අරමුණක පිහිටුවා කටයුතු කිරීම, එහෙමත් නැතිනම්, ප්‍රතිපත්තියක් රැකීම යනුවෙන් හඳුන්වා දෙන්න පුළුවන්.
ඉතිං මේ අවුරුද්දට අපිට එක ප්‍රතිපත්තියක ඉඳන් කටයුතු කරන්න පුළුවන්ද ? අපේ තාත්තා මේ නොනගාත හරියට රැකපු කෙනෙක්. සමහර අවුරුදුවලදී ඇරෙන්න. අපේ ඉස්කෝලේ බුද්ධි සර් තමයි, මේ ගැන මුලින්ම ප්‍රසිද්ධියේ කතාකරපු මම දන්න කෙනා. ඒ අපි උසස් පෙළ ලියන කාලේ.
නොනගතය හැමෝටම අදාළයි. එය කතෝලිකයන්, මුස්ලිම් ආගමිකයන්ට, හින්දු ආගමිකයන්ට, ආගමක් අදහන්නේ නැති හැමෝටම අදාළයි. නොකා නොබී ඉන්නවා කියන දේ මේකෙන් අදහස් කරන්නේ නැහැ. එක අරමුණක පැය කිහිපයක් සිටීමයි. මෙය ඕනෑම කෙනෙක්ට කරන්නත්, නොකරන්නත් පුළුවන්. පන්සල් යන්නත් පුළුවන්, නොයා ඉන්නත් පුළුවන්. මේ කාලයේදී නිදා ගන්නත් පුළුවන්. එය තීරණය වන්නේ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත.
හර්ෂණ තුෂාර සිල්වා
2016.04.12
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Tuesday, April 12, 2016
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
No comments:
Post a Comment