Wednesday, June 8, 2016

       පරිපූරක ඇස්තමේන්තු යොදමින් කෝටි ගණනක වාහන ගෙන්වීමට ඇමැතිවරු කටයුතු කරමින් සිටිති. ගංවතුර හා නායයෑම්වලින් ද කොස්ගම යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් ද රටට සිදු වූ හානිය අතිමහත්ය.
දැවැනත් ණය අර්බුදයක ගිලී සිටින රටක ඇමැතිවරුන් කටයුතු කරන්නේ එසේය. එපමණක් නොව ඉන්දියාවේ ඇමැතිවරුත් එසේය තවද මෙසේ වාහන ගෙන්වන්නේ ජනාතවට සේවය කිරීමට යැයි ද පවසති. 
කෙසේ හෝ දුක් මහන්සි වී උපයා ගත් මුදලින් වාහනයක් ගැනීම බොහෝ දෙනකුගේ සිහිනයකි. එම සිහිනයට ද දොරටු වැසූ වත්මන් ආණ්ඩුව ඇමැතිවරුන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීම සඳහා කෝටි ගණනක පරපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරති. 
රටේ ආදායම ණය සේවා ගෙවා දැමීමට පමණක් යොදාගන්නා රටක මෙවැනි ක්‍රියා සිදු කරන්නේ හිත් පිත් නැති මිනිසුන් අන් කවරකුත් නොවන බව පැහැදිලිය. යහපාලන මූල ධර්ම ආරක්ෂා කරන බව පවසමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍යයේ සිට සියලු යහපාලන මූලධර්ම මායිම් නොකරමින් කටයුතු කරන්නේ වත්මන් ආණ්ඩුවේත් පසුගිය ආණ්ඩුවේත් වෙනසක් නැති බව පෙන්වමිනි.  
පසුගිය නොවැම්බර් මාසයේදී රටේ ණය ප්‍රමාණය කෝටි නව ලක්ෂය ඉක්මවා ඇතැයි පැවැසූ ආණ්ඩුව මේ කටයුතු කරන්නේ රටට කෝටි දස ලක්ෂයක අතිරික්තයක් තිබෙන අයුරිනි. මේ වනවටි රට කෝටි දස ලක්ෂයකට වඩා ණයකට උරුමකම් කියන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දිනෙක කීවේය.
රාජපක්ෂ ආණ්ඩුව රට රුපියල් ටි්‍රලියන 10ක ණය උගුලක හිර කර ඇතැයි ඉකුත් මාර්තු මාසයේදී ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කෙසේ වෙතත් එතරම් ණයක් උරුම රටක ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය මෙසේ දැයි ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ සිට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා උගන්ඩාවේ සංචාරයක නිරත වන්නේ රාජ්‍ය සම්පත්වලින්ය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දී ඇති ණයපත උපයෝගී කරමින් මාස 11 ක කාලයකදී ඔහු කර ඇති වියදම මිලියන 14 ඉක්මවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වර්තාවට අනුව රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 76කි. එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 6ක වර්ධනයකි. රටේ නොපියවූ විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2015 වසර අවසාන වන විට දී රුපියල් බිලියන 3,544.1ක් වූ අතර දේශීය ණය ප්‍රමාණය 4,959.2කි.
එහෙව් රටක ඇමැතිවරු කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ප්‍රශ්න කළ යුතුයි. මහජන මුදලින් වැටුප් ලබන, මහජනයා විසින් තෝරාපත් කර යවන මැති ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය පිළිබඳ, ඔවුන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් භාවිත කරන ආකාරය පිළිබඳ රටේ සියලු පුරවැසියන් එක්ව ප්‍රශ්න කළ යුතුය. පක්ෂ පාටවලට වෙන් වී කාලය ගත කරන තාක්කල් දුර්දාන්ත පාලකයෝ මහජන මුදල් සැප සේ අව භාවිත කරනු ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
2016.06.08

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive