පාලිත තෙවරප්පරුම මහතා පාසලකට දරුවන් ඇතුළත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පමණක් නොව එසේ පාසලට ඇතුළත් කර දරුවන්ගේ මාපියන් ද බන්ධනා ගත කිරීමට අධිකරණයක් නියෝගයක් ලබා දී තිබුණි. මෙවැනි සිදුවීම් ඉතා පහත් ක්‍රියා යනුවෙන් නම් කළ යුතුයි.
දරුවන් පාසලට ඇතුළත් කිරීමට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ගත් උත්සහය අනුමත කළ නොහැක්කා සේම එසේ ඇතුළත් කර දරුවන්ගේ මාපියන් සිරගත කිරීම ද අනුමත කළ නොහැක. මේ මාපියන් කරන ලද වරදක් නැත. එසේම මාස හයක් තිස්සේ පාසලක් නොමැතිව නිවසට වී සිටි දරුවන්ගේ වගකීම වත්මන් ආණ්ඩුව බාරගත යුතුය.
රටේ නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැතිවීමේ පාපයට ගොදුරු වී ඇත්තේ රටේ දරුවන්ය. එය මේ ආණ්ඩුව පමණක් බාරගත යුතු වගකීමක් නොවන අතර පැවැති සෑම ආණ්ඩුවක් එහි වගකීම බාර ගත යුතුය. සෑම පාලකයකුම එහි වගකීම බාර ගත යුතුය.
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය 2016-2020 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබුණ ද එවැන්නක් සිදුවන ආකාරයක් නම් පෙනෙන්නට නැත.
ශිෂ්‍යත්ව විභාගය නැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා ඉකුත් දිනෙක පවසා තිබුණි. එසේ කරන්නේ නම් එය වඩාත් යහපත් වනු ඇත. වර්තමානය වනවිට තරගකාරී අධ්‍යාපනයට හසු වී සිටින දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි වී ඇත. ඔවුන්ට අවම තරමේ රූපවාහිනියේ යන කාටූන් වැඩසටහනක් හෝ නැරැඹීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.
පාසල්වලින් පසු පුද්ගලික පන්තිවලට යෑමට ඇති අතර ඔවුන් නිවෙස්වලට පැමිණෙන්නේ හෙම්බත් වීය. මෙවැන් දරු පරපුරක් රටට උරුමකිරීමෙන් සිදුවන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් යුතු වැඩිහිටි පරම්පරාවක් බිහිවීම පමණි. එය නොවුණත් නුදුරු දිනෙක සිදුවනු ඇත. දරුවන් බොහෝමයක්, කලාවෙන්, සාහිත්‍යයෙන් ඈත් වෙමින් සිටින අතර ක්‍රීඩාවලට යොමු වන දරුවන්ට ඇත්තේ අතළොස්සකි. පවුල් පරිසරය හෝ මාපියන්ගේ දැනුම්වත් කම හෝ දරුවන්ගේ කැමැත්ත වුවමනාව හෝ කැමැත්ත මත ඔවුන් එවැනි දෑ යොමු වුණ ද යම් යම් අවස්ථාවලදී ද එසේ යොමුවන දරුවන්ට උපකාර පන්තිය හෝ බාහිර ක්‍රියාකාරකම තෝරාගැනීමට සිදු ව ඇත.
පාසල්වල සිටින දක්ෂ සිසුන් නිසි මාර්ගයේ යොමු කිරීමේ ක්‍රියාවලියක් අප පාසල් පද්ධතිය තුළ දක්නය නැත. සුවිශේෂී ගුරුවරුන් සිටින පාසලක හැරෙන්නට එවැනි දෙයක් සිදුවන්නේ නැත.
බොහෝ කරුණු අතින් අපි සංඛ්‍යාත්මකව වර්ධනයක් පෙන්නුම් කළ ද එම සංඛ්‍යාවලට හසු නොවන දරුවන් පිරිස වැඩිය. කෙසේ අප නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරගැනීම සඳහා යොමු විය යුතුය. එය කවර ආණ්ඩුවකින් සිදු කළ ද වෙනස් නොවන ප්‍රතිපත්තියක් විය යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2016.07.06
No comments:
Post a Comment