Thursday, May 14, 2015

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි

 ‘‘ කරුණාකරලා යුද්ධය නවත්වන්න, මට ගොඩක් දුකයි, ප‍්‍රධාන පාර, අපේ නගරයේ ලස්සනම තැන. මම ඉස්කොලේ යන්න පොත් පත් ගත්තු තැන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ගෙවල් සම්පූර්ණයෙන්ම විනාශවෙලා. ගොඩනැගිලි මිනිස්සු නැතුව හිස්වෙලා.’’ මෙහෙම කියන්නේ යේමනයේ ඒඞ්න් නුවර නෙස්මා. නෙස්මගේ වයස අවුරුදු 13යි. නෙස්මගේ කතාව වාර්තා කරලා තිබ්බේ යුනිසෙෆ් සංවිධානය. ලෝකේ කිසිම රටක් ගන්න  ඕනේ නැහැ. පහුගිය අවුරුදු 30 කාලේදී අපේ රටේ අපේ වයස කොච්චර යාළුවෝ මැරෙන්න ඇතිද ? ඉස්කොලේ යන්න විදියක් නැතුව ඉන්න ඇද්ද. අම්මා තාත්තා හමුදාවේ වැඩකරපු දරුවෝ කොච්චර වේදනාවකින් ඉන්න ඇද්ද. අපි ඉස්කෝලවලට යද්දි යාපනයේ අපේ වයස උන් අපිට කොච්චර වෛර කරන්න ඇද්ද. යුද්ධය සාමාන්‍ය ජනතාවගේ උවමනාවට ඇතිවන්නක් නොව, එය පාලකයන් උදෙසා තමන්ගේ පැවැත්ම උදෙසා කරගෙන යන්නකි. ගෙවුණ වසර විස්සේදී අපිට නැතිවූ දේ බොහෝය. ඉන් අපිට වැඩිපුරම අහිමි වුණේ අපේ යාළුවෝ, අපේ සම වයසේ උන්..අපිට නංගිලා මල්ලිලා වෙච්ච උන්, අක්කලා අයියලා වෙච්ච උන්..ගොඩක් තරුණයෝ හැමදේම දමලා ගහලා ගිහින් තුවක්කු බදාගත්තේ තමන්ගේ උන්ට හෙටක් තියෙයි කියලා හිතලා. අපිම අපිම මරාගත්තා මිසක් අපිට ලැබුණ දෙයක් නැහැ. අද ඒක හොඳටම දැනෙනවා. අපි අපිම මරාගත්තා. රටේ එහා කොනේ උනුයි මෙහේ කොනේ උනුයි මරාගත්තා. අද එහෙම මරාගත්තු , අණදුන්නු නායකයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඇත්තටම ඒක හොඳයි. ඒත් තමන්ගේ දරුවෝ නැතිවුණ, අම්මා තාත්තා නැතිවුණ අයට මොනවද ලැබිලා තියෙන්නේ. අපි නැවත නැවත යුද සැමරුම කියලා කරන්නේ මොකක්ද ? දෙපැත්තේම අයගේ ඇස්වලට කඳුළු ගෙන්නන එක විතරයි. අවුරුදු තිහක් තිස්සේ බැට කාලත්, අපි අදත් කරන්නේ එකිනෙකාගේ බඩගෝසතරවාදී උවමනාවන්ට පිල් බෙදී කුලල් කා ගැනීමයි. අපිට පුංචි පරම්පරාව වෙනුවෙන් වත්, අපි බෙදෙන්නේ නැතුව, මිනිස්සු විදියට එකට හිටියොත් මේ පුංචි රටේ ලොකු වෙනසක් කරන්න පුළුවන්...........................

1 comment:

  1. මේක යුද්ධෙ නැතුව පාළුයි කියන රටක් මචං. ආයෙත් යුද්ධයක් ඇති නොවෙන්න අපි හැමෝම වග බලාගන්න ඕනේ

    ReplyDelete

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive