විද්‍යා. නම භාවිතය හෝ ඡුායාරූප භාවිතය මම දැඩි
පිළිකුලෙන් යුතුව හෙළා දකිමි. දැන්නම් විද්‍යාගේ නම සමාජ ගතවීම නිසාම භාවිත
කරනවා. ඉන්දියාවේ මහත් ආන්දෝලනයට ලක්වුණ බස් රථයකදී දුෂණය වුණු සිසුවියගේ
නම හෝ අනන්‍යතාව හෙළි කළේ කරනු ලැබුවේ නැහැ. යාපනයේ විද්‍යාගේ ඡුායාරූප
පසුගිය කාලය පුරාම, පත්තරවල මුල්පිටුවල, රූපවාහිනියේ හිඩැස් පිරෙව්වේ. ඒක
මම වැඩ කරන ආයතනයේත් වුණා. පෞද්ගලිකවම මම එයට විරුද්ධයි. දුෂණය වුණ
දරුවන්ගේ අම්මලාට තාත්තලාට, මැරුණ මනුස්සයෙක්ගේ ඡුායාරූපයක් පළ කරද්දි, ඒ
දරුවන්ට, අම්මලා තාත්තාලට දැනෙන දුක,
ඥාතීන්ට දැනෙන දුක කොහොම වේවිද. ඒ දරුවන්ගේ නම පාවිච්චි කිරීම. දුෂණය වුණු
දැරියක් නැවත පාසල් යෑම ගැන, ඒ දරුවගේ අම්මලා තාත්තාලට දැනෙන දේ ගැන අපිට
හැඟීමක් නැහැ. මේ සම්බන්ධයෙන් නීතියක් ගෙන ආ යුතුයි. මේ අපේ රටේ අනාගතය.
දුෂණවලට, හිංසාවන්ට ලක්වන දරුවන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ නම්, ඡුායාරූප
මාධ්‍යයේ භාවිත කිරීම සම්බන්ධයෙන් නීති රීති ගෙන ආ යුතුයි. විද්‍යාගේ
සිදුවීම් ඊට පාදක කරගත යුතුයි. යාපනයේ මිනිස්සු දුන්නු ආදර්ශය කොටකෙතන
මිනිස්සු අද ප්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවුවා. කොටකෙතන අද නිදොස් කොට
නිදහස් කෙරුණු පුද්ගලයන් අහිංසක බවත්, වැරැුදිකරුවන් තෝරු මෝරු අස්සේ හැංඟි
හැංඟි ඉන්නවා කියලත් කියැවෙනවා.. ඇයි පොලිසියට බැරි අල්ලන්න ඒක එහෙමනම්,
යහපාලනයනේ. අපි මිනිසුන් වශයෙන් දුෂණයට හිංසනයට විරුද්ධව ඉදිරියට ආ යුතුයි.
ඔවුන්ට දැඩි දඬුවම් දීමට නීති ගෙන ඒමට වගේම, එවැනි හිංසාවන්ට ලක්වන පුංචි
මල් කැකුළුවලට හොඳ අනාගතයක් හදන්නත් නීති ගෙන ඒමට අපි රටේ නීතිය කරවන්නන්ට
බල කළ යුතුයි. අපි සමාජයක් වශයෙන් එසේ නොකරන තාක් කාල්, මේ රටේ තිරිසනුන්ගේ
ගොදුරු බවට පත්වෙන පිරිස අතරේ, හෙට ඒ මිලේච්ඡු ඉරණමට මුහුණ දෙන තැනැත්තිය,
ඔබේ මගේ අම්මා, සහෝදරිය, යෙහෙළිය, මිතුරිය හෝ පෙම්වතිය විය හැක.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Thursday, May 28, 2015
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
Blog Archive
-
▼
2015
(133)
-
▼
May
(12)
- ඊයේ සිරස රූපවාහිනියේ විකාශය වූ සටන වැඩසටහන සහභාගි ...
- විද්‍යා
- මම බඩගින්න ලිව්වේ, ලියලා ගොඩක් වෙලා ගියේ නැහැ. ම...
- අද හවස වැඩට එද්දි හැමදාම වගේ මම බස් එකේ ජනේලයෙන්...
- විද්‍යා මේ ඔබ ගැන මතකයයි ____________________ 201...
- මේ රටේ තවත් යුද්ධයක් ඇතිවූවා නම්, එහි මූලික වගකීම...
- අපි උතුරේ ජනතාවටත් උතුරේ ජනතාවටත් වෛර කරමු. එහෙයි...
- ස දමාගෙන මැරීම හෙවත් සැමරීම
- වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
- මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පැරැු...
- බැඳීම් කියන්නේ මහ පුදුමාකාර දේවල්. අපි ජීවිතේ එකි...
- තවත් දවසක් ගත වූ තැන මේ මුලූ ලෝකයටම ආදරය ගැන කියා...
-
▼
May
(12)
දූෂණය කරද්දිත් ඒක ෆොටෝ ගහන රටේ උඹේ අදහස ක්‍රියාවට නංවන්න අමාරුයි නේද මචං?නීතියේ හිල් වහන එක නේද කරන්න ඕනෙ
ReplyDeleteඔව් ප්‍රයෝගික ගැටලු තියෙනවා..දූෂණය කරද්දි ෆෝටෝ ගහන උන් ගැන නෙමයෙි ප්‍රශ්නේ..ඊට පස්සේ පළ කරන එකයි, නීතියේ කි්රයාමාර්ගයි. දූෂණය කරද්දි ෆෝටෙො ගහන්නේ ඒක කරන උන්නේ මචන්. ප්‍රායෝගික ගැටලු ටික නිරාකරණය කර ගන්න අපි ඉස්සරහට එන්න ඔ්නේ. නීතිය හිල් වහන්න වෙන්නෙත් ඒ විදියටම තමා.
ReplyDelete